ලව්ව හම්බුළු ප්‍රදේශයේ ජනතාවට කරදරකාරි ලෙස හැසිරෙමින් නීති විරෝධි මත්පැන් ජාවාරමක නිරතට බව කියන එකම පවුලේ අයිය මලෝ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව අලව්ව පොලීසිය පවසයි.


එකම පවුලේ වයස අවුරුදු 20 ක් සහ 23 ක් වූ සහෝදරයන් දෙදෙනකු ඊයේ (12) එලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් දෙදෙනා හම්බුළුව පිහිටි තම නිවසේ නීති විරෝධී මත්පැන් ජාවාරමක
යෙදෙමින් ඊට විරෝධය පළ කරන ප්‍රදේශවාසීන් සමග නිතරම ආරාවුල් ඇති කරගෙන ඔවුන්ට තර්ජනාත්මක ආකාරයට හැසිරෙන බවට අලව පොලීසියට පැමිණිලි ලැබී තිබේ.
පෙරේදා (11) රාත්‍රියේ මොවුන් දෙදෙනා බීමත්ව පැමිණ හුබුළුව ප්‍රදේශයේ නිවාස දෙකක
ට්ටුවලට කඩුවලින් පහරදී අලාබහානී සිදු කරන ආකාරය සහිත දරශන පහර දීමට ලක්වූ
එක් නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියක සටහන්ව තිබී ඇත. එම පහරදීම සම්බන්ධයෙන් සැකකාර
සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සදහා අව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්කෙ ටියුඩර් අබේවික්‍රම මහතා
ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ පෙරවරුවේ ගිය අවස්ථාවේදී තම නිවසේ සැගවුණු සැකකරුවන්
දෙදෙනා පොලිස් නිලධාරින්ට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇත. මේ හේතුවෙන් ඔවුත් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරිමට සිදුවී තිබු අතර අවසානයේදී එම නිවසේ වහලේ සිවිලිමේ සැගවී සිටි අයිය මලෝ එළියට ගැනීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල
කිරීමට සිදුවූ බව පොලීසිය පැවසීය. කදුළු ගෑස් ප්‍රහාරයෙන් මෙල්ල වූ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන එම නිවස සෝදිසි කිරිමේදී නිවසේ ඇතුළු කාමරයක ඔවුන් දෙදෙනා පවත්වාගෙන යමින් තිබූ නීති විරෝධී මත්පැන් ජාවාරමද පොලිසියට හසුවී ඇති අතර එම අවස්ථාවේදී ගෝඩා බැරලයද නිවසේ තිබී හමුවී තිබේ.
සැකකාර අයිය මලෝ මෙම නීති විරෝධ මත්පැන් ජාචාරමට අමතරව හෙරොයින් ඡාවාරමටද සම්බන්ධදැයි සෙවීම සඳහා පරික්ෂණ
සිදුකරන බවද අලව්ව පොලිසිය කියයි. කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති
බුද්ධික සිරිවර්ධන සහ කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ක්‍රිශාන්ත මහත්වරුන්ගේ උපදෙස් අනුව අලව්ව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටියුඩර් අබේවික්‍රම මහතා උප පොලිස් පරික්ෂකවරුන්වන ගාමිණි තිලකරත්න, වතුකාර, පාලිත ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර පරික්ෂණ මෙහෙයවති.
(පුෂ්පකුමාර ජයරත්න)