කොරෝනා වෛරසය තුරන් වීමෙන් පසුව මිනිසුන් අතීතයේදී සාමාන්‍ය ලෙස සැලකූ දේවල් අමුතු දේවල් බවට පත් වීමටද අමුතුයි කියා සැලකූ දේවල් සාමාන්‍ය දේවල් බවට පත් වීමටද ඉඩ ඇත. ඒ පිළිබඳව සොයා බැලීමට දැන් අපි කොරෝනාවෙන් පසු ලොවට මනෝමයෙන් පිය නඟමු.

අගුළු දැමීම ක්‍රියාත්මක වන අවසාන දිනයට දැන් ඔබ ළඟා වී සිටියි. කොරෝනාව සහමුලින්ම නිල්වන් පෘථිවි ගෝලයෙන් පහව ගොස් ඇත.
හෙට දින මහ මඟට පා තබන්නට බොහෝදෙනා බලා සිටින්නේ ඇඟිලි ගනිමින්ය. වෙළඳ සැල්, ආපන ශාලා, පාසැල් සහ කාර්යාල ආදිය හෙට සිට විවෘත වෙනවා ඇති.
දැන් ඔබ හිමිදිරියේ නැවුම් වාතයේ පහස විඳිමින් නිවසෙන් පිටතට පිය නඟයි. ඔබට අද්දැකීමට සිදු විය හැකි දේවල් මෙන්න. . . .
(1) ටී ෂර්ට් සහ කොට කලිසම් පැළඳ ඔබට කාර්යාලයට යා හැකිය. දැන් එය සැලකෙන්නේ සාමාන්‍ය දෙයක් ලෙසය.
• නමුත් කොරෝනාවෙන් පසු ඔබ එම ඇඳුමින් කාර්යාලයට යන විට ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙක් ලෙසිනි.
(2)කවුළුවෙන් පිටත සිටින කුරුල්ලන් සමඟ කතාබස් කිරීමට එනම් සජීවී ට්වීටර් පණිවිඩ බෙදාගැනීම දැන් සැලකෙන්නේ සාමාන්‍ය දෙයක් ලෙසය.
• නමුත් එම ට්වීටර් ශබ්ද ඔබ Twitter ඇප් එකේ පළ නොකළොත් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසිනි.
(3) දැන් ඔබ Zoom හරහා මිතුරෙකු සමඟ කතාබහ කිරීම සැලකෙන්නේ සාමාන්‍ය දෙයක් ලෙසය.
• එහෙත් කොරෝනාවෙන් පසු ඔබ මිතුරාව ඇත්තටම ස්පර්ශ කරමින් ඔහු සමඟ කතා කළොත් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසිනි.
(4) ඔබේ ඔන්ලයින් විවාහ උත්සවයට සහභාගි වන ලෙස මිතුරන්ට සහ නෑදෑයන්ට ඔන්ලයින් ආරාධනා කිරීම දැන් සැලකෙන්නේ සාමාන්‍ය දෙයක් ලෙසය.
• නමුත් ඔබ ඔවුන්ට මුද්‍රිත ආරාධනා පත්‍රයක් (වෛරසද අඩංගු විය හැකිය) යැවුවොත් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසිනි.
(5) YouTube එකෙන් යම් ආහාරයක් පිසින ආකාරය ඉගෙනගෙන නිවසේදී එම ආහාරය පිළියෙල කර එහි ඡායාරූප Instagram එකේ share කිරීම සාමාන්‍ය දෙයකි.
• නමුත් කොරෝනාවෙන් පසුව දින දෙක තුනකට වරක් ආහාර ගැනීමට ඔබ නිවසෙන් පිටත හෝටලයකට ගියොත් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසය.
(6) කොරෝනා හෝ වෙනත් වසංගයක් පිළිබඳව කතාබහ කිරීම සාමාන්‍ය දෙයකි.
• එහෙත් ඔබ ටෙනිස් වැනි ක්‍රීඩාවක් පිළිබඳව කතා කළොත් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසිනි.
(7) ඔබේ දරුවන් පාසැලේ පන්ති කට් කර ඔන්ලයින් පාසැල්වලට සහභාගි වීම සාමාන්‍ය දෙයක්ය.
• නමුත් දිනපතා පාසැල් යන ලෙස ඔබ ඔවුන්ට බල ‍කළොත් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසය.
(8) ඔන්ලයින් මිතුරන් සමඟ Amazon Prime සහ Netflix හරහා චිත්‍රපටි නැරඹීම සාමාන්‍ය දෙයක්ය.
• එහෙත් ඔබේ මිතුරන් සමඟ සිනමාහලකට ගොස් චිත්‍රපටියක් නැරඹීමට සැලසුම් කළොත් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගයෙකු ලෙසය.
(9) “සමහර වේලාවට මම ඔෆිස් ගිහින් වැඩ කරනවා” කියා ඔබ පැවසුවොත් ඔබව සැලකෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් ලෙසය.
• “සමහර වේලාවට මම ගෙදර ඉඳලා වැඩ කරනවා” කියා ඔබ පැවසුවොත් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසිනි.
(10) නිවසේ සිටියදී ඔබේ සිතට සතුටක් දැනෙනවා නම් ඔබව සැලකෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසය.
• නිවසේ සිටින විට ඔබට කම්මැලිකමක් දැනෙනවා නම් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසය.
(11) මාසික බඩු ලැයිස්තුවට ලීටර 5 සැනිටයිසර් බෝතලක් ඇතුළත් කිරීම සාමාන්‍ය දෙයකි.
• වීදි අයිනේ විකිණීමට තිබෙන කඩචෝරු ඔබ ආහාරයට ගන්නේ නම් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසය.
(12) මුඛය ආවරණය කර නොගෙන ඔබ ඉදිරියේ කිවිසුම් හැරිය ඔබේ මිතුරා සමඟ අමනාප වීම සාමාන්‍ය දෙයකි.
• එහෙත් එසේ බරපතළ අපරාධයක් සිදු කළ මෝඩ මිතුරා සමඟ ඔබ තවමත් ඇයි හොඳයිකම් පවත්වනවා නම් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසිනි.
(13) මිල දී ගන්නා සියලුම ද්‍රව්‍ය භාවිතයට පෙර සැනිටයිස් කිරීම සාමාන්‍ය‍ දෙයක්ය.
• නමුත් ඔබ ගසකින් ගෙඩියක් කඩා ඒ මොහොතේ එය ආහාරයට ගත්තොත් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසිනි.
(14) ඔබ ක්‍රීඩා තරුවක් නම් ඔබ ඔන්ලයින් (virtual) ටෙනිස්, ක්‍රිකට් හෝ ගොල්ෆ් ක්‍රීඩා කිරීම දැන් සාමාන්‍ය දෙයකි.
• නමුත් නැවත ක්‍රීඩා පිටියට ගොස් ක්‍රීඩා කිරීමට ඔබ සිතන්නේ නම් ඔබව සැලකෙනේනේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසය.
(15) ඔබ 25%ක් කප්පාදු කළ වැටුපක් ලබන, සතියට පැය 80ක් රැකි‍යාවේ නිරත වුවද වැටුප් වැඩි කිරීමට ස්වාමියා උනන්දු නොවන ආයතනයක සේවකයෙක් නම් එසේ සිදු වීම සාමාන්‍ය දෙයක්ය‍.
• නමුත් දැන් ඔබේ වැටුප වැඩි කරයි කියා ඔබ බලාපොරොත්තු වේ නම් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසය.
(16) ඔබ මුඛ හා නාස් ආවරණ හෝ සැනිටයිසර් වෙළඳාම් කිරීම ලෙස ඔබේ ව්‍යාපරය වෙනස් කරගත් රැකියා ස්වාමියෙක් නම් ඔබව සැලකෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසය.
• එහෙත් කලින් සිදු කළ ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම පිළිබඳව ඔබ සිතනවා නම් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසය.
(17) කාලෙකින් කිසිම ආශ්‍රයක් නොතිබුණු සෑම නෑදෑයෙක්වම සහ මිතුරෙක්වම අමතා ඔබ ඔවුන්ගේ සැප දුක සොයා බලන්නේ නම් ඔබව දැන් සැලකෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසිනි.
• නමුත් ඔබ නැවතත් කිසිවෙකු ගැන සොයා බලන්නේ නැතිව ඔබේ වැඩ ගැනම අවධානය යොමු කරයි නම් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුදගලයෙකු ලෙසිනි.
(18)ඔබ පැය දෙකකට වරක්වත් ප්‍රවෘත්ති කියවන්නේ නම් ඔබව සැලකෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසය.
• නමුත් දැන් ඔබ ප්‍රවෘත්තිවල සඳහන් වන තොරතුරු දැනගැනීමට එතරම් උනන්දුවක් නොදක්වයි නම් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසය.
(19) අලි, කොටි, වලස්සු ආදී සතුන් රංචු වශයෙන් මාර්ගවල සැරිසරනවා දැකීම සාමාන්‍ය දෙයක්ය.
• නමුත් මිනිසුන් සමූහයක් ලෙස ලොව පුරා සැරිසරද්දී ඔවුන්ව සැලකෙන්නේ අසාමාන්‍ය පිරිසක් ලෙසය.
(20) Covid-19 වසංගතයෙන් පසුව ඇති වූ දූෂණයෙන් තොර නැවුම් වාතය ඔබ ආශ්වාස කර සතුටක් ලබන්නේ නම් ඔබ සාමාන්‍ය පුද්ගලයෙකි.
• නමුත් Covid-19 ඇති වීමට පෙර තිබූ ගඳ ගහන, කලු දුම නැති වීම අඩුවක් ලෙස ඔබට දැනෙන්නේ නම් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසය.
(21) නිරෝධායනය වුණු කාල සීමාව තුළ තිබූ සොඳුරු මතකයන් ඔබට දැන් මගහැරී ඇති බව දැනෙනවා නම් ඔබව සැලකෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසිනි.
• එහෙත් ඔබ වැඩියෙන්ම ඇලුම් කරන්නේ නිරෝධායන කාල සීමාවට පෙර ගත කළ ජීවින රටාවට නම් ඔබව සැලකෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙසිනි.

(රවී ෂංකර් රාජන් ලියූ  Medium ලිපියක් ඇසුරිනි)
එස්.දහනායක
[May31, 2020 - Gossiplankanews.com]