සමඟි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා ස්ථීරත්වයෙන් ආරම්භ වූ වැඩසටහනක් බැවින් එහි කිසිදු සාමාජිකයෙකු සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපාදන නොමැති බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.



ඉදිරියේ දී නීත්‍යානුකූලව එම කරුණ ඔප්පු කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සමඟි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් රැසකගේ සාමාජිකත්වය අහෝසි කිරීමත් සමඟ ඇති වූ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කරන ලදි.

සමඟි ජන බලවේගය සමඟ සම්බන්ධ වන කිසිදු මන්ත්‍රීවරයෙකු පක්ෂයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයට හෝ එහි නායකත්වයට කිසිදු හැකියාවක් ඇති බවත්  සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.