7.30pm
කොවිඩ්19 වෛරසය ආසාදිත වීමෙන් සිදුවූ 8 වැනි මරණය අද සවස වාර්තා වූ බව ආරංචි මාර්ග තහවුරු කර තිබේ.මියගොස් ඇත්තේ අවුරුදු 72ක් වයසැති කාන්තාවකි. ඇය හෝමාගම රෝහලේදී මියගොස් ඇත.
පොල්පිතිගම ප්‍රදේශයේ කොරෝනා වැළඳුනු කාන්තාවක් අසාධ්‍ය තත්වයේ පසු වන
බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පසුගිය 29 වනදා පවසා තිබුණි.ඒ ඇය ගැනයි.
28 වනදා කොරෝනා වැළඳුණ බවට හඳුනාගත් ඇය
කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියැවිණි.
පොල්පිතිගම කොට්ඨාසයට අයත් මාඑළිය, හංගමුව ප්‍රදේශයේ පදිංචි හැත්තෑ දෙහැවිරිදි
මෙම කාන්තාව නාවික හමුදා මූලස්ථාන කඳවුරේ පරාක්‍රම ඒකකයට අනුයුක්තව සේවය කරනු ලබන නාවික සෙබළකුගේ ඥාතිවරියක වීමද විශේෂත්වයකි.

කුඹුක්ගැටේ පොලිස් වසමට අයත් දඩපලගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම නාවික සෙබළා ඇයගේ දියණියක හා විවාහ වී සිටින අතර ඔහු නිවාඩු ලබා ඉකුත් 20 වැනි දින නිවෙසට පැමිණ 22 වැනි දින සිය නැන්දණිය බැලීම සඳහා මාඑළිය, හංගමුව ප්‍රදේශයට ගොස් ඇති බවට වාර්තා වේ. පසුව ඔහු ඉකුත් 27 වැනි දින යළිත් නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි සඳහා රපෝර්තු කර තිබේ.

ඔහුගෙන් මෙම කාන්තාවට කොරෝනා වැළඳෙන්නට ඇතැයි අනුමාන කර එක් පරීක්ෂණයක් ධනාත්මක වුවද හෝමාගම රෝහලේදී දෙවන පරීක්ෂණය සෘණාත්මක විය.
කෙසේ වෙතත් ඊළඟ පරීක්ෂණය ධනාත්මකවීම නිසා මෙය කෝරෝනා මරණයක් ලෙස සැලකීමට සිදුව ඇත.
කොරෝනා වලට ගොදුරුව මියගිය පළමු ශ්‍රීලාංකික කාත්නාවද ඇයයි.

[May04, 2020 - Gossiplankanews.com]