[Trending][btop]
[News][stack]

රෝසි මැතිනිය අංශක 50 ට රත් කරලා

කොළඹ නගර සභාවේ සේවකයන් ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් එහි ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව විශබීජහරණ කුටියක් ඉදිකර ඇතැයි වාර්තාවේ. ආයුර්වේදයේ කියැවෙන පෞරාණික දුම් හට්ටිය ගුරුහරුකම්
කොට ගනිමින් නිපදවා ඇති එය සෙල්සියස් අංශක 50ක පමණ උෂ්ණත්වයකින් ආයුර්වේද ද්‍රව්‍ය වාෂ්පයක් නිකුත් කරන කුටියක් බව පැවසේ.

එමගින් ශ්වසන පද්ධතියේ ප්‍රතිශක්තිය ඉහළ දැමීම සිදුවන බව නිපදවූවන් දන්වා තිබේ.
කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය එය විවෘත කළේ අංශක 50 උස්ණත්වය තුළ රැඳී සිට එළියට එමිනි.