දිසියේ මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 දින නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන්නට තීරණයවී ඇත.
ඊයේ (26)  දින පස්වරුවේ හදිසියේ ඇති වු හෘදයාබාධයක් හේතුවෙන්
තලංගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරද්දී තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වු තොණ්ඩමන් මහතාගේ දේහය (27) දින දවස පුරා බත්තරමුල්ල පිහිටි ඔහුගේ නිවසේ
තැන්පත් කර (28) දින දේහය පාර්ලිමේන්තුව සංකිර්ණය වෙත රැගෙන ගොස් එහි පැය කිහිපයක් තැන්පත්
කර පසුව දේහය කොළඹ03 මල්වත්ත පාරේ පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර
තබන අතර පසුව 29 දින කොත්මලේ රම්බොඩ පිහිටි තොණ්ඩමන් මහතාගේ නිවස වෙත දේහය රැගෙන විත් 30 දින තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානය වෙත
රැගෙන එන බව සඳහන්වේ. 31 දින ආරුමුගන් තොණ්ඩමන්ගේ අවසන් කටයුතු රාජ්‍යය  ගෞරව සහිතව
නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරනු ඇත.
මේ අතර තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව වතුකරයේ කිසිදු වතු කම්කරුවෙකු අද දිනයේ දෛනික රාජකාරි කටයුතු වලට වාර්තා කර නැත. වතු මාර්ග වල සුදු කොඩි වලින් සරසා තොණ්ඩමන් මහතාට ගෞරව දක්වා ඇත.