හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක ඇතිවූ ගැටුමකින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලැබු බව වාර්තාවේ.
කර්මාන්ත ශාලාවේ නේවාසිකාගාරයෙහි සිටි පිරිසක් අතර ඊයේ (15) රාත්‍රී 9.30 ට පමණ මෙම ගැටුම ඇතිවී තිබෙන අතර සිද්ධිය වන අවස්ථාවේ
පිරිස බීමත්ව සිටි බවද හෙළිව තිබෙයි.
ඇඳිරි නීතිය අතරතුර මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට ලබාදුන් අවසරය සමග නේවාසිකාගාරයේ සිටි පිරිසක් 'බොන පාටියක්' දැමීමට තීරණය කර ඒ වෙනුවෙන් මත්පැන් බෝතල් රැසක් මිලට ගෙන මෙම සාදය  දමා තිබූ අතර කලකට පසු බීමත්වන්නට ලද අවස්ථාවෙන් සීමාව ඉක්මවා මත්පැන් ලබාගත් අය නිසා ගැටුම්කාරී තත්වයක් ඉස්මතුවූ බව කියැවේ.

ආරවුල දුරදිග යාමත් සමග එක් පුද්ගලයෙකු යකඩ මිටියකින් කළ පහරදීමෙන්  දෙදෙනෙකු මියගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා ඇත. සැකකරු හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන සිදුවේ.