මාරවිල නගරයේදී පිරිසක් රැස් කර දේව මෙහෙයක් පැවැත්වු දේව ගැතිවරයකුට එරෙහිව නිරෝධායන පනත අනුව නීතිමය කටයුතු ආරම්භ කරන බව මහවැව මහජන බි.එම් .වජිර නිලන්ත මහතා පැවසුවා.
අදාල දේව මෙහෙය අද ( 16) දින දහවල් පවත්වමින් තිබියදී මාරවිල පොලීසිය හා මහවැව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්
විසින් වැටලිමට කටයුතු කර තිබුණා.

මාරවිල නගරයේ තුන් මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ කුඩා දරුවන් සිවු දෙනෙකු සමග තවත් 27 දෙනෙකු සහභාගිකරවා ගනිමින් අදාල දේව ගැතිවරයා දේව මෙහෙය පවත්වා තිබෙනවා.

මෙම දේව මෙහෙයට එක් වි සිටි පිරිස අතර කාන්තාවන් 18 දෙනෙකු පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු සිට තිබෙනවා.

මෙම දේව මෙහෙයට සහභාගිවු පිරිස අතරින් කිප දෙනෙකු මුඛ ආවරණ පවා නොමැතිව සිටි බවද වාර්තා වනවා.

නිරෝධායන පනත අනුව මෙසේ පිරිස් රැස් කරමින් කිසිදු කටයුත්තක් පැවැත්විම තහනම් කර තිබියදි මෙම දේව ගැතිවරයා අවස්ථා ගණනාවක මෙලෙස දේව මෙහෙයවල් පවත්වන බව ප්‍රදේශවාසින් පොලීසියට පැමිණිලි කර තිබුණා.

එසේම දේව ගැතිවරයා මෙයට පෙර ශබ්ද වාහිනි යන්ත්‍ර යොදා ගනිමින් දේව මෙහෙයවල් පැවැත්විම සම්බන්ධව මාරවිල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවද පොලීසිය පැවසුවා.