වැලිසර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකල මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 225.9 ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙයි.මහබාගෙ පොලිස් වසමේ නුගගහවත්ත පාර, වැලිසර, රාගම ලිපිනයේදී
පොලිස් මත්ද්‍රව්‍ය කර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ  පසුගිය 13වනදා බව පොලිස් මාධ්‍ය අංශය දන්වා ඇත.


මෙම වැටලීමේදී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 225කට අධික බව පොලිසිය සඳහන් කරයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය සහල් මළු වල ඇසුරුකම් කොට තිබු අතර එහිදී මෝටර් රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙහිදී  අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරු 24,30,50 සහ 55 යන වයස්වන පසුවන වැලිසර හා හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන්ය.මෙම මත්ද්‍රව්‍ය තොගය පාතාල නායක කොස්ගොඩ තාරක ට අයත් බවයි හෙළිව ඇත.
සැකකරුවන් අද (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.