මංගල උත්සව පැවැත්වීම සඳහා කොන්දේසි සහිතව අවසරය හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.


ඒ අනුව අදාළ උත්සව ශාලාවේ පුද්ගල ධාරිතාවයෙන් හරි අඩක් පමණක් සහභාගී කරවගනිමින් සහ අදාල සනීපාරක්ෂක ක්‍රම භාවිත කරමින් එම උත්සව පැවැත්විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් විවාහ උත්සව පැවැත්වීමට අදාළ රෙගුලාසි ඉදිරි දින කිහිපය තුළ නිකුත්කෙරෙන බවද ඔහු පවසයි.

මීට අමතරව වෙනත් සමාජමය අවස්ථා පැවැත්වීම සඳහා වන රෙගුලාසි ද ඉදිරියේදී නිකුත් කරන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.