පසුගියදා ලන්ඩන් නුවර සිට ලංකාවට පැමිණි දෙවැනි ගුවන් යානයේ ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඊයේ (17) කොරෝනා ආසාදනය වී ඇති බවට පීසීආර් පරීක්ෂණ වලදී අනාවරණය විය.

මෙම දෙන්නා කළුතර වස්කඩුව සිට්‍රස් හෝටලයේ නැවතී සිටියදී මෙම පරීක්ෂණය ධනාත්මකවූ බවට සොයාගන්නා ලද අතර අනතුරුව රෝහල් ගත කර තිබේ.
මෙලෙස ආසාදනයට ලක්වූ දෙන්නාගෙන් එක් අයෙකු 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර අනෙක් තැනැත්තිය 73 හැවිරිදි කාන්තාවකි. පසුගිය 16 වනදා කරාපිටිය රෝහලේදී සිදු කළ පීසී ආර් පරීක්ෂණ අනුව මෙම දෙන්නාට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගැනිණි.