සිංහල අලුත් අවුරුදු දිනයේදී
කිසිදු ගිණිකෙලි
අනතුරක් වාර්තා නොවූ අවස්ථාව ලෙස මෙවර සෞඛ්‍ය වාර්තා අතරට එක්වන බව කොළඹ ජාතික රෝහල පවසයි.

පවතින නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ ඊයේ දිනයේදී කිසිදු ගිණිකෙළි අනතුරක් වාර්තා වී තිබුණේ නැත.

කෙසේවෙතත් මහාමාර්ග අනතුරු / ගෘහස්ථ අනතුරු වැනි සිදුවීම් හමුවේ ගතවූ පැය 24 තුළදී පුද්ගලයන් 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙයි.