අද (14) උදෑසන 7.20 ට පමණ කොලොන්නාව තෙල් ගබඩාවේ සේවකයෙකු තෙල් ටැංකියක ධාරිතාව පරික්ෂා කිරීමට යාමේදී ඉන් බිමට
ඇද වැටී තිබෙයි.

අනතුරුව එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මරණකරු වයස අවුරුදු 54 ක් වූ කටුගොඩ, දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.