ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙන් අප්‍රේල් 11 සහ 12 දින දෙකේදී පමණක් එළවළු කිලෝග‍්‍රෑම් ලක්ෂ 9 කට වැඩි ප‍්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා.



ඒ එළවළු සහ පළතුරු මිලදී ගැනීම සඳහා

අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක කරන එළවළු පළතුරු මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙල යටතේ. රට තුළ කි‍්‍රයාත්මක වන ඇඳිරි නීති තත්වයත් සමඟ තම නිෂ්පාදන අළෙවි කරගැනීමේ අපහසුතා මතුව ඇති ගොවි ජනතාවට සහන සැලසීම ප‍්‍රධාන අරමුණ බව පැවසේ.

එළවළු, පළතුරු මිලදී ගැනිම සඳහා නුවරඑළිය සහ මාතලේ දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට මේ වනවිටත් අරමුදල් නිකුත් කර අවසන්ය.

ආර්ථික මධ්‍යස්ථාන සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එළවළු සහ පළතුරු මිලදී ගැනීම පසුගිය සෙනසුරාදා සිට ආරම්භ කෙරුණා. නුවරඑළිය දිස්ත්‍රික්කය පමණක් මේ වනවිට මිලට ගෙන ඇති එළවළු ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් තුන් ලක්ෂ දාහත් දහස් තුන්සිය අනූ හයකි.