දිවයින පුරා පිහිටි සැලුන් සහ රූපලාවන්‍යාගාර නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ අද දන්වා සිටියේය.
මෙයට හේතුවූයේ කොළඹ කෙසෙල්වත්තේ කරණවැමියෙකුට ද
කොරෝනා ආසාදනය වීම නිසාය.
 දිවයිනේ රෝහල් අසල පිහිටා තිබෙන කුඩා ප්‍රමාණයේ ආපන ශාලා තවදුරටත් වසා තබන ලෙස දැනුම් දුන් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සෑම ආපන ශාලාවක්ම පිරිසිදුව සිය සේවා සැපයීම සිදුකල යුතු බව දන්වා සිටියේය.
මේ අතර කොටිකාවත්ත ප්‍රදේශයෙන්
හමුවූ ආසාදිත පුද්ගලයා එළවළු ව්‍යාපාරිකයකු බවත් ඔහු ගේ මව කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටින හෙයින් ඔහු ත්‍රිරෝද රථයකින් දිනපතා ගොස් එම ප‍්‍රදේශයේ එළවළු අලෙවි කර ඇති බව ට තොරතුරු ලැබුණ බවත් ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් ෆෝන්සේකා මහතා දන්වා තිබේ. මෙ අනුව එම පුද්ගලයා එළවළු විකුණූ අයට අවධානමක් පවතින බව වාර්තාවේ.
හළවළු ව්‍යාපාරිකයාගේ  බිරිඳට හා දරුවන් තිදෙනාට වයිරසය ආසාදිත වී ඇති බවට සැකකරන හෙයින් ඔවුන් නිරෝධායනයට යොමුකර ඇති බවද වාර්තාවේ.