කොළඹ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පසුගියදා වාර්තාවූ කොරෝනා ආසාදිත වැඩිමහලු කාන්තාවකගේ දියණිය හා දියණියගේ මාස 4ක් වයසැති දරුවාට කොරෝනා සැක ලක්ෂණ පහළවීම නිසා රෝහල් ගත කර තිබේ.

මව සිටින්නේ බණ්ඩාරනායකපුර වුවත් දියණිය සිටින්නේ වැල්ලම්පිටියේය.

ඇඳිරි නීතිය පවතින කාලයේ කිසිදු බලපත්‍රයක් නැතිව අවස්ථා කිහිපයකදී මව බලන්නට දියණිය කුඩා බිළිඳාද සමගින් ගොස් තිබෙන අතර අනාරක්ෂිත ලෙස හැසිරී ඇත.මොවුන් එම ප්‍රදේශයට ගොස් එහි දින කිහිපයක් නවාතැන්ගෙන සිට නැවත වැල්ලම්පිටියට පැමිණි බවද වාර්තා වී ඇත.මව බලන්නට යන කාලයේ මව ආසාදිත බව දැන සිට නැත.
දැනට රෝහල්ගතව සිටින වැඩිමහල් තැනැත්තියගේ දියණිය වන වැල්ලම්පිටිය මවට සහ මාස 4ක් වයසැති දරුවාට කොරෝනා වෛරසයේ මූලික ලක්ෂණ මතුවී තිබීම නිසා
ආසාදනය වී ඇත්දැයි සෙවීමට රෝහල් ගත කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහතා සඳහන් කළේය.
 වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවාස කිහිපයක පුද්ගලයින්ද නිරෝධායනය සඳහා යොමු කර ඇත.