ක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද (03) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂගේ මවගේ නැගණියගේ පුතෙකු වන
උදයංග වීරතුංග ලංකාවේ

යුද්ධය පැවති 2006 වසරේදී යුක්රේනයේ අවි ආයුධ සැපයුම් සමාගමකින් මිග් 27 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 04ක් මිලදී ගැනීම සිදු කර තිබුනේ මිලියන ගණනාවක අතයට ගනුදෙනුවක් තබාගෙන බවට ඇති මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා පැනනැගී තිබුණි.
මෙම චෝදනාවෙන් පසු අධිකරණයේ විභාග වන නඩුවට නොපැමිණි ඔහු  දිගු කාලයක් සැගවී සිටි අතර ජාත්‍යන්තර රතු වරෙන්තුව ලබා තිබියදී ඩුබායිහිදී කොටුවූයේ පසුගිය වසරේදීය.
ඩුබායිහි රඳවා තබාගැනීමෙන් මාස ගණනාවකට පසු ඔහු ලංකාවට පිටුවහල් කර එවූයේ පසුගිය පෙබරවාරි 14 වනදාය. එලෙස පැමිණි විගස ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර මාස එකහමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් පසු  රෝගී තත්ව මත බන්ධනාගාර රෝහලේ සිටියේය.
 අද (03) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහුට ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට ලබන 24 වැනිදා දක්වා කල් දෙමින් පෞද්ගලික ඇපයක් මත අද මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.