යේ අරලංගවිල විජයබාපුර ආදාහනාගාරයෙදි කොරෝනා ආසාදනය වී මියගිය පස්වැනියා වූ 44 වියැති උදය දිනේෂ්ගේ අවසන් කටයුතු සිදු විය. මිය ගිය උදය ඉතාලියේ තනිව රැකියාව කරමින් සිටි අයෙකු වන අතර බිරිය හා දරු දෙන්නා සිටියේ
ගැමුණු මාවත අතුරුගිරිය හෝමාගම ප‍්‍රදේශයේය. ඔහු කලින් කල ඉතාලියේ සිට ලංකාවට පැමිණ ගිය අයෙකි.
අවිස්සාවේල්ල උපන් ගම් පළාතවූ

උදයගේ පාසල් මිතුරන්ද ඉතාලියේ සිටි අතර හිත හොඳ යාළුවෙකු ලෙස ඔහුව හඳුන්වා තිබුණි. ඉතාලියේ සිට පැමිණ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදි ඔහු තමාගේ සෙල්ෆි ඡායාරූප පවා ලබාගත්තේය. මුලදී කිසිදු වෙනසක් නොපෙන්වූ ඔහු එහි මිතුරන් සමග කාඩ් සෙල්ලම් කරමින්ද සිටියේය.

නමුත් අවාසනාවට ගිය මාසයේ 16 වැනිදා ඔහුට අසනීප තත්ව මතුවිය. වෛද්‍ය පරීක්ෂණවලදී කොරෝනා ධනාත්මකවූ නිසා වැලිකන්ද  ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර සඳහා යොමුවූ නමුත් ඔහුගේ තත්වය දරුණු විය. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර පෙනහැලි දැඩි ආසාධනයට ලක්වීමෙන් පසු නිව්මෝනියා තත්වයට පත්වී මියගියේය.
ඔහු දන්නා හඳුනන මෙන්ම නොදන්නා කීපදෙනෙකු ඔහු ගැන තැබූ සටහන් කිහිපයක් හා ඡායාරූප පහත දැක්වේ.