කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය පස්වැනි පුද්ගලයාගේ අදාහන කටයුතු හමුදා හා පොලිස් අරක්ෂාව යටතේ අරලංගවිල විජයබාපුර ආදාහනාගාරයෙදි සිදුවූ අයුරු ඡායාරූප වල දැක්වේ.
මිය ගිය පුද්ගලයා අංක 813/02 ගැමුණු මාවත අතුරුගිරිය හෝමාගම ප‍්‍රදේශයේ
පදිංචි උදය දිනේෂ් නමැති 44 වියැති දෙදරු පියෙකි.
ඔහු ඉතාලියේ සිට පැමිණ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදි ඇති වු කොරෝනා රෝගය නිසා වැලිකන්ද ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබමින් සිටි අතර පෙනහැලි දැඩි ආසාධනයට ලක්වීමෙන් පසු නිව්මෝනියා තත්වයට පත්වී මියගියේය. එතෙක් නිරෝගී පුද්ගලයෙකූ වූ ඔහු රෝගය ගැන දැනගෙන දින 15 ක් ඇතුළත මරණයට පත්වීම කණගාටුවට කරුණකි. ඔහුගේ පවුලේ බිරිය හා එක් පුතෙකුත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ අවසන් කටයුතු සිදුවූ ස්ථානයට පැමිණ සිටියහ.
මිය ගිය පුද්ගලයා අංක 813/02 ගැමුණු මාවත අතුරුගිරිය හෝමාගම ප‍්‍රදේශයේ
පදිංචි උදය දිනේෂ් නමැති 44 වියැති දෙදරු පියෙකි.









