බ්‍රිතාන්‍යයේ වත්මන් අගමැති බොරිස් ජොන්සන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ පුවත පසුගිය සතියේ වාර්තා වීමෙන් පසු ඔහුගේ විවාහ අපේක්ෂක පෙම්වතිය වන 31 හැවිරිදි ගැබිනියක වූ කැරී සිමොන්ඩ්ස් හටද කොරෝනා වෛරස පරීක්ෂණය ධනාත්මකවී ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

55 හැවිරිදි ජොන්සන් විවාහ දෙකකින් දික්කසාද වූ අයෙකු වන අතර පෙර විවාහ වලින් දරුවන් පස්දෙනෙකුගේ පියෙකි. මුල් කාලයේ ජනමාධවේදියෙකු ලෙස කටයුතු කළ නිසාදෝ ඔහු ජනමාධ්‍ය ක්ෂෙත්‍රයට සම්බන්ධ පෙම්වතියන් හයක් පමණ කලින් කල විවාහ අපේක්ෂාවෙන් ඇසුරු කර තිබුණි.

කොරෝනා වැළඳුණ බවට දැන් ආරංචි වී තිබෙන කැරී සිමොන්ඩ්ස් ද ජනමාධ්‍ය පවුලකින් පැවත එන අතර ඇය එංගලන්තයේ ප්‍රකට 'ද ඉන්ඩිපෙන්ඩන්ට්' පුවත්පත හිමිකරුගේ මිණිපිරියකි.
බ්‍රිතාන්‍ය අගමැති ධූරය දක්වා ආ ගමනට ජොන්සන් මුල් පියවර තැබුවේ 2012 නගරාධිපති ධූරයට පත්වෙමිනි. එම ඡන්ද සටනේදී ඔහුට වඩාත් උදව් කළේ කැරී සිමොන්ඩ්ස් වන අතර ඇය 2009 සිට බ්‍රිතාන්‍ය කන්සර්වෙටිව් පක්ෂයේ ක්‍රියාකාරිනියකද වූවාය. එම මිතුදම මත ඔවුන් සමීපව ඇසුරු කර 2018දී විවාහ ගිවසගැනීමක්ද සිදු කළ මුත් විවාහයට පිවිසුනේ නැත.
අගමැති ධූරය සඳහා ජොන්සන් පත්වීමේ ප්‍රචාරක ව්‍යාපාරයටද ඇයගෙන් නොමද උපකාර ලැබිණී. පසුගිය දිනවල වාර්තාවී තිබුනේ කැරී සිමොන්ඩ්ස් ගැබිණීයක වී ඇති බවය. මේ අතරවාරයේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වීම බ්‍රිතාන්‍ය වාසීන්ට කම්පනය ඇති කරන සිදුවීමක් බවට පත්ව ඇත.