ඉන්දුනීසියාවේ ආගමික දේව මෙහෙයක් සඳහා ගොස් ‍ඉකුත් මාර්තු 16 වැනිදා මෙරටට පැමිණි පුත්තලම, රත්මල්යාය අල්කාසිම්සිටි නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි 62 හැවිරිදි කොවිඩ් 19 ආසාදිතයාගේ
වැඩිමහල් පුත්‍රයාටත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ ඔහු මේ දිනවල රැදී සිටින පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින අතරතුරයි. 38 හැවිරිදි වියේ පසුවන එම පුත්‍රයා කල්පිටිය ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි.
ඒ අනුව ඔහු පදිංචිව සිටි අල්කාසිම්සිටි නිවස සහ ඒ අවට පදිංචිකරුවන් පිළිබඳ විස්තර ලබා ගැනීමට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් ඊයේ එහි ගොස් තිබුණි.
2020 අප්‍රෙල් 07 වන දින පුත්තලම අල් – කාසිමි සිටි ප්‍රදේශයේ පදිංචි  62 හැවිරිදි පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුනි. මේ සම්බන්ධයෙන් අන්තර්ජාල හා බොහෝ මාධ්‍ය හරහා විවිධාකාරයේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීම සිදු වෙමින් පවතින බැවින් එයට විරුද්ධව සත්‍ය තොරතුරු පැහැදිලි කිරීමේ අරමුණින් තාරාපුරම් අල්-කාසිමි ජුම්මා පල්ලියේ දායක සභාව මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබුණි.
එහිදී පවසා තිබුනේ බස් රථයකින් ගිය පුද්ගලයින් 50 ක් සැගවී සිටි කතාව අසත්‍ය බවයි.
අදාළ මාධ්‍ය නිවේදනය පහතින්.