ටේ ඇඳිරි නීතිය අතරවාරයේ බොහෝ පිරිස් නිවෙස් වල රැඳී සිටියදී ගෘහස්ථ හිංසන මෙන්ම අසල්වාසී ආරවුල් රාශියක් වාර්තාවී තිබේ. බල්ලකුට පහර දුන්නාය යන සිද්ධියක් මුල් කරගෙන

මුලතිව් කුමුලමුනේ ප්‍රදේශයේ

තරුණයෙකුට අසල් වැසි නිවෙස්වල පිරිසක් පහර දීම නිසා ඔහු අද (05) දා මියයාමේ සංසිද්ධියද එවැන්නකි.
මෙම තරුණයා පදිංචි නිවසට යාබද නිවසක බල්ලකු ඇති දැඩි කරමින් තිබී ඇති අතර තරුණයා බල්ලාට පහරදීමේ සිද්ධියක් මුල් කරගෙන බහින්බස්වීමක් හටගෙන ඇත. පසුව කෝපයට පත් අසල්වාසී පිරිසක් එම තරුණයාට පහර දී ඇති බව  මුලතිව් පොලීසිය සදහන් කරයි.
පහරකෑම නිසා බරපතල ලෙස තුවාල ලැබූ තරුණයාව රෝහල්  ගත කොට ඇති අතර ඔහු ප්‍රතිකාර ලබන අතරවාරයේදී මියගොස් තිබේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මුලතිව් කුමුලමුනේ ගම්මානයේ පදිංචි  රාසලිංගම් රමේෂ් නැමති විසි
හැවිරිදි තරුණයෙකි.
මුලතිව් පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන්  මියගිය තරුණයාගේ නිවසට ආසන්නයේ ඇති නිවෙස් තුනක දොලොස් දෙනෙකුගෙන් ප්‍රශ්න කොට ඇති අතර මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ