අපොස උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පවත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳ ප්‍රකාශයක් සිදුකරන ලෙස ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබේ.



මෙවර ප්‍රථම වරට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරුවන්ගේ අධ්‍යයන කාලය තුළ අවස්ථා දෙකක දී සම්පුර්ණ මාස 03ක පමණ ප්‍රමාණයක් අධ්‍යයන කටයුතුවලට බලපැම් එල්ල වු බව ඔවුන් පවසයි.

පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය ද දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බලපෑම් එල්ල වු බව ද මෙතෙක් පාසල් විවෘත කරන දිනය පිළිබද නිශ්චිත අදහසක් නොමැති වීම ද හේතුවෙන් දරුවන්ට අසාධාරණයක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙයි.

මෙම තත්ත්තවය තුළ පාසල් සහ උපකාරක පංති නොපැවැත්වීම හේතුවෙන් දරුවන්ගේ ඇතැම් පාඩම් කොටස් හැදැරීමට නොහැකි වී ඇති බව ලංකා ගුරු සේවා සංගමය අදාල ලිපියෙන් විභාග කොමසාරිස්වරයා වෙත පෙන්වා දී ඇත.