කොළඹ 12, ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතේ පවුල් 242 කට අයත් පුද්ගලයින් 1,010 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වේ. මේ අතර එම මාවතෙන් තවත් COVID-19, රෝගීන් 05 දෙනෙක් අදත් හඳුනාගෙන ඇති අතර, ඒ සමඟ ශ්‍රී ලංකාවේ ආසාදිත මුළු සංඛ්‍යාව 309 දක්වා ඉහළ දමනලදි.
කොළඹ 12, බණ්ඩාරනායක මාවතෙන් මේවන විට කොරෝනා ආසධිතයින් 62 දෙනෙක් වාර්තා වී ඇති අතර
ඉන් 32 දෙනෙක් ඊයේ දිනයේදී සොයා ගනු ලැබුවේය.

මුලින්ම ඉන්දියාවේ සිට ලංකාවට වන්දනාගමනක් පැමිණි කාන්තාවකට කොරෝනා ආසාදනය හමුවීමෙන් පසු මෙම ස්ථානය ගැන දැනගන්නට ලැබුණ අතර පසුව ඇයගේ පවුලේ අයටත් අවට අයටත් කොරෝනා වැළදී ඇති බව වාර්තා විය.

දැනට වසා දමා ඇති කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ මේ වන විට හමුවී ඇති කොරෝනා ආසාදිතයන් 62 , මෙතෙක් ශ්‍රී ලංකාවේ එකම ස්ථානයකින් හමුවූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවයි.  පර්චස් 20ක පමණ ප්‍රදේශයේ පවුල් 62 පදිංචිව සිටින බව කොළඹ මහනගර සභාව සඳහන් කර තිබේ.
අද සවස් කාලයේ තවත් කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන්නට නියමිත අතර ඉන් 140 කට වැඩි පිරිස ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතෙන් හමුවූ අයයි.