උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ශල්‍යකර්මයෙන් පසු දුර්වල තත්ත්වයේ පසුවන බවට ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවයේ නිලධාරීන් උපුටා දක්වමින්
නිශ්චිත ශල්‍යකර්මයකින් පසු කිම් ජොන් උන්  “බරපතල අනතුරකට” ලක්ව ඇති බව සීඑන්එන්. වාර්තා කර තිබේ. වාර්තාව වහාම තහවුරු කර නැති නමුත් තොරතුරු වල නිවැරදිතාවය ඉහළ අගයක් ගන්නා බවද එම වාර්තාවේ දැක්වේ.
කිසියම් නිශ්චිත ශල්‍යකර්මයකින් පසු කිම් ජොන් උන් “බරපතල අනතුරකට” ලක්ව ඇති බව

මෙම ආරංචියෙන් වැඩිදුර දැක්වේ. උතුරු කොරියානු  අගනුවර වන ප්යොංයැං හි රෝහල් මූලාශ්‍ර උපුටා දක්වමින් කිම් හෘද සැත්කමක් කර ඇති බව වාර්තා කර තිබේ. ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ සැක මතු වූයේ ඔහුගේ අභාවප්‍රාප්ත සීයා සහ රාජ්‍ය නිර්මාතෘ කිම් ඉල් සුං සැමරීම වෙනුවෙන්  අප්‍රේල් 15 වන දින සැමරුම් උත්සවය ඔහු මග හැරීමෙනි.
ලෝකයට විවෘත නැති උතුරු කොරියාවේ මාධ්‍ය තුලින් මෙම තොරතුරු පිටව නැති අතර
උතුරු කොරියාව සහ විශේෂයෙන් එහි නායකත්වය පිළිබඳ විශ්වාසදායක තොරතුරු ලබා ගැනීම දුෂ්කරය. කෙසේ වෙතත් මෙම වාර්තාව ලබාදී ඇති  බුද්ධි අංශ පවා එහි අභ්‍යන්තර කටයුතු පිළිබඳව අතීතයේ දී වැරදි තොරතුරු වාර්තා කර ඇත.