කොරෝනා වෛරසය ආසාදනය වී ශ්‍රී ලංකාවේ උපන් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු එරට මෙල්බර්න් නුවරදී මිය ගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ
වයස

අවුරුදු 52ක් වූ සුමිත් ප්‍රේමචන්ද්‍ර නමැති අයෙකි. කොළඹ වෙස්ලි විද්‍යාලයේ ආදි සිසුවෙකු බව කියන ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ද සේවය කර ඇති බවත් ඕසේට්‍රේලියාවේ දී සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත වී සිටි අයෙකු බවත් සඳහන්වේ.
ඔහු පදිංචිව සිට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යි.
කොරෝනා ආසාදනය නිසා මේ වනවිට ඕස්ට්‍රෙලියාවේ 34 දෙනෙකු මියගොස් ඇති අතර අද මියගිය 4 දෙනෙකු ඊට ඇතුළත් විය. එරට මේ වනවිට කොරෝනා ආසාදිතයින් ගණන 5687 කි.