හෙට (6) සිට ලබන සිකුරාදා (10) දක්වා සතිය  රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස රජය දන්වා ඇත. මීට ඉහත පසුගිය සතියේ සිකුරාදා තෙක් එය නම් කළද නිල වශයෙන් ලබන සතියට එය දීර්ඝ කිරීම
කර තිබුනේ නැත.

 කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය  ඇඳිරි නීතිය දින නියමයක් නැතිව පැනවීම සහ සෙසු දිස්ත්‍රික්ක වල හෙට (6) පමණක් විරාමයක් ලබාදීම තුළ මෙම වැඩ කරන සතිය නැවත පනවා තිබේ.
6-10 සතියේ යෙදෙන 7 වන අඟහරුවාදා පොහොය දිනයක් වන අතර 10 මහ සිකුරාදා දිනයයි. මහ සිකුරාදා වෙළෙඳ නිවාඩු නොවන නිසා පුද්ගලික අංශ වැඩ කළ යුතු දිනයකි.

10 වැනි දායින් පසු එළැඹෙන 13-17 වැඩ කරන සතියේ මුල් දින 2 එනම් 13-14 සිංහල අවුරුදු උත්සවය වෙනුවෙන් නිවාඩු ලැබෙන දින වන අතර ඒ සතියේ 15-17 දිනවල වැඩ කෙරෙන ආකාරය පසුව නිවේදනය කරනු ඇත.