ජා ඇල සුදුවැල්ල ග්‍රාමයෙන් සොයා ගන්නා ලද කෙරෝනා වෛරසය ආසාදිත ත්‍රී රෝද පැදවූ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ තරුණයා ඇසුරු කල 7 දෙනෙකුටම කොරෝනා වැළදී ඇතැයි මේ වනවිට සොයාගෙන ඇති අතර ඒ අය ඇසුරු කළ තවත් මිතුරන් 22 ක් අප්‍රේල් 09 දිනයේත්, 52 ක් ඊයේත් රෝහල් කාර්ය මණ්ඩල 27 ක් අදත් නිරෝධායනයට
යොමු කර තිබේ.


මෙම පුද්ගලයා ඇසුරු කළ රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි රෝහල් සෞඛ්‍ය  සේවක කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකු හට වෛරසය ආසාදනය විම හේතුවෙන් එම රෝහලෙහි  සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 22ක් සහ වැලිසර ළය රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 05ක්  එකතුව 27 ක් අද (12) මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන
කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන්  09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික
හමුදා භාරයට ගෙන නිරෝධායන කටයුතු සඳහා යොමු කර සිටියදී  ඉන් පුද්ගලයින් 06 දෙනෙකු හට
වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය. ඉතිරි 22 නිරෝධායනයේ තවම පසුවෙති.

ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනයට යොමු කළ 28 දෙනා සමග සමීප සබඳකම් පැවැත්වූ තවත් 52 කුද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ අනුව, ජා-ඇල ප්‍රදේශයේ පුද්ගලයින් 43 ක් සහ මාකේවිට ප්‍රදේශයෙන් පුද්ගලයින් 09 දෙනෙක් නාවික හමුදා භාරයේ පසුවෙති. ඉන් 42 කු පිරිමි පුද්ගලයින් වන අතර, ඉතිරි 10 දෙනා කාන්තාවෝ වෙති.