සුගිය කාලයේ හිරු නාලිකාව තුළ ප්‍රකට චරිත දෙකක් වූ සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා අද (28) උදෑසන සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බවට වාර්තාවේ.ඔවුන් දෙන්නාම ඊඒපී මාධ්‍ය ජාලය යටතේ ස්වර්ණවාහිනී නාලිකාව සමග ඉදිරියේදී එක්වන බවට ආරංචි පළව ඇත.
හිරු නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ සුදේව
හෙට්ටිආරච්චි  EAP සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු (Group CEO) ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

හිරු නාලිකාවේ විශේෂ වැඩසටහන් නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.
මීට ටික කලකට ඉහත පාඩු ලැබූ ආයතනයක් වූ ඊඒපී මාධ්‍ය සමූහය පසුගියදා බෙන් හෝල්ඩින්ග්ස් යටතේ විදේශ අයිතිකරුවෙකුට හිමිවීමත් සමග වෙනසකට ලක්විය.
හිරු එෆ් එම් නාලිකාව ආරම්භ කළ කාලයේ සිටම වසර 22 ක් තිස්සේ ඒබීසී මාධ්‍ය ජාලයේ සේවය කළ
සුදේව හෙට්ටිආරච්චි පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ දේශපාලන වැඩසටහන් නිසාය.

මින් ඉහත ටීඑන්එල් නිවේදකයෙකුවූ රංගන දසිල්වා හිරු TV නාලිකාව ආරම්භයේදී එක්වූ සමාජිකයෙකි. කලා ක්ෂෙත්‍රයේ වැඩසටහන් මෙන්ම දේශපාලන වැඩසටහන්ද මෙහෙයවූ අයෙකි.