කොරෝනා වෛරස ආසාදිතයන් කීපදෙනෙකු  අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර කීපයකින් හමුවීමත් සමගින්
 අදාල  ආසාදිතයින් ප්‍රධාන නගරය වෙත පැමිණ ඇති බව හා ඔවුන් ඇසුරු කළ විශාල පිරිසක්

ගම්මානයන් පුරාම සිටින බැවින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් පැවතීම හේතුවෙන් අද
(28) හා හෙට  (29)  හා අනිද්දා  (30) දින තුනක්  අනුරාධපුර, එප්පාවල, තලාව හා
මැදවචිචිය යන  නගරයන්හි  සියලු  වෙළදසැල් වසා තැබීමට එම නගරයන්හී ලියාපදිංචි වෙළදහිමියන්ගේ
සංගමය තීරණය කරයි.

ඇදිරී නීතිය ඉවත් කළද, වෙළදසැල් වසා දමා නගරයේ ජනතාව ගැවසීම පාලනය කිරීමට එම
වෙළදසංගමයන් මෙම ⁣තීරණය ගෙන ඇති අතර, රජයේ බැංකු හා ෆාමසි විවෘතව පවති. මේ
සම්බන්ධයෙන්  වෙළදසංගම් මගින් සියලු වෙළදසැල් දැනුවත් කරනු ලැබීය.

අසාදිතයාගේ පවුලේ අයගේ හා ආශ්‍රිතයන්ගේ පරීක්ෂණ වාර්තා  ලැබුණු පසු ඉදිරියේදී ගන්නා
ක්‍රියාමාර්ග දැනුම්වත් කරන බව වෙළද සංගම් පවසයි.

තිසර සමල් එප්පාවල