ඇඳිරි නීති තත්ත්වය ලිහිල් කිරීමත් සමග කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වූ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ පළමු පියවර ලෙස හෙට (21 වැනිදා) පාකිස්තානයේ රැඳීසිටින සිසුන්
එකසිය දහතුන් දෙනකු
ගුවන් මගින් ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය පවසයි.
පාකිස්තානයේ මේ වන විට ලාංකික සිසුන් දෙසීය පහළොවක් පමණ සිරවී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ලොව පුරා ගුවන්තොටුපොළවල් වසා දැමීම සහ ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ටද රටට ඇතුළුවීම තහනම් කර ඇති බැවින් ශ්‍රීලංකන් ගුවන් සේවය අප්‍රේල් 30 වැනිදා දක්වා සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිමක මෙම සිසුන් ගෙන්වා ගැනී‍මේ සුවිශේෂ ගුවන් ගමන සිදු කිරීමට නියමිතය.

නයන තරංග ගමගේ