පොල්පිතිගම ප්‍රදේශයේ කොරෝනා වැළඳුනු කාන්තාවක් අසාධ්‍ය තත්වයේ පසු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසා තිබේ.
ඊයේ කොරෝනා වැළඳුණ බවට හඳුනාගත් ඇය
මේ වනවිට රෝහල් ගතව සිටී. කුරුණෑගල පොලිපිතිගම ප්‍රදේශයේ පදිංචිකාරියකවූ ඇය ගැන ඊට වැඩි විස්තරයක් හෙළි කර නැත.
කෙසේ වෙතත් වෛද්‍ය ජාසිංහ ඒ සමගම පවසා ඇත්තේ කිසිඳු කොරෝනා ආසාදිතයෙකු දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර නොලබන බවය.

එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය
කරන අගලවත්ත දාපිළිගොඩ පදිංචි කොරෝනා ආසාදිත නාවික සෙබලාගේ පවුලේ සාමාජිකයන් 4 දෙනෙකුට සහ ඔහු ඇසුරු කළ තවත් පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (29) දින තහවුරු වූ බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.