බොලිවුඩයේ ප්‍රකට රංගන ශිල්පියෙකු වන ඉර්ෆාන් ඛාන් අද දින මුම්බායිහිදී අභාවප්‍රාප්ත විය. වයස අවුරුදු 53 දී ජීවිතය හැර ගිය  ඉර්ෆාන් 2018 සිට දුර්ලභ පිළිකා රෝගයක් සමඟ පොරබදමින් සිටියේය.
බිරිඳ සුතාපා සහ පුතුන් දෙන්නා වන බාබිල් ​​සහ අයන් සමග සුන්දර පවුල් ජීවිතයක් ගත කළ ඉර්ෆාන් අඟහරුවාදා මුම්බායි හි
අම්බානි රෝහලට ඇතුළත් කර
ඇති අතර එහිදී  පිළිකාව නිසා මහා බඩවැලේ හටගත් ආසාදනය නිසා මරණයට පත්වූ බවරෝහල් ආරංචි වාර්තා කර තිබුණි.
ඉර්ෆාන්ගේ 95 හැවිරිදි මව වන සයීඩා බෙගම් මීට දින 3 කට පෙර ජයපූර්හිදී මරණයට පත්වීමද විශේෂ සිදුවීමකි. ඉර්ෆාන්ට තම මවගේ අවමංගල්‍යයට සහභාගී වීමට නොහැකි වූයේ කොරොන වයිරස් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා අගුලු දමා තිබීම හේතුවෙනි.
ඉර්ෆාන් ඛාන් යනු බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේ ද විශාල සාර්ථකත්වයක් ලැබූ ඉන්දියානු නළුවන් කිහිප දෙනාගෙන් එක් අයෙකි. “පිකු” චිත්‍රපටයේ ඔහු විශිෂ්ට රගනයක නිරතවිය.'හසිල්', 'මැක්බූල්', 'පාන් සිං ටොමාර්', 'ද නමේසේක්', 'ලයිෆ් ඔෆ් පි' ඔහු රඟපෑ සුවිශේෂ චිත්‍රපට අතර වේ.