ප්‍රේල් මස 20 වනදා පිළියන්දලින් වාර්තා වූ කොරෝනා ආසාදිත මාළු වෙළෙන්දා මාළු රැගෙන ඒමට පෑලියගොඩ මත්ස්‍ය වෙළසැලට ගිය සිදුවීම නිසා අප්‍රේල් මස 22 වනදා සිට දින 3ක කාලයක් සඳහා මත්ස්‍ය වෙළඳපොල වසා දමා ඇත.
නිවන්තිඩිය, ග්‍රාමෝදය මාවතේ පදිංචි 52 හැවිරිදි මෙම කොරෝනා ආසාදිතයා
මීට අමතරව අන්තර්ජාලය හරහා ඇණවුම් ලබාගෙන පසුගිය සමයේ

ඇඳිරි නීති බලපත්‍රයක් රැගෙන පොල්ගස්ඕවිට, වෑතර, කහතුඩුව, සියඹලාගොඩ, පාලාගම, දියකඩ යන ප්‍රදේශයන්හි කුඩා ලොරි රථයකින් මාළු වෙළෙඳාමෙහි යෙදී ඇති අතර ඔහු හා සම්බන්ධ වූ අය කෙරෙහි අවධානය යොමු කරන්නට බලධාරීන් කටයුතු කර තිබේ.

පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේ බේකරියක් අසළ පිහිටි 'සී ෆුඩ්' වෙළඳ ස්ථානය ඔහුගේ වන අතර එය වෙත ආගිය අයටද අවදානය යොමු කරන ලෙස දන්වා ඇත. එම ස්ථානය ඇතුළු ස්ථාන එකොලහක් නිරෝධායන ස්ථාන ලෙස දැනටමත්  නම් කර ඇත.

 කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දනුක පද්මරාජ මහතා සඳහන් කළේ දැනට හඳුනාගෙන ඇති තැන් නිරෝධායයනයට යොමු කර තිබෙන අතර තවත් තැන් හඳුනාගනිමින් සිටින බවයි.
ඇදිරි නීති සමයේ බොහෝ පිරිසක් මෙම පුද්ගලයාගෙන් මාළු ලබාගෙන ඇති අතර එම පුද්ගලයින් හැකි ඉක්මනින් කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත.