වැඩ තහනම දවසයි - හාවන් පැන්නූ පොලිසියේ දෙන්නා යළි සේවයේ

බස්නාහිර පළාත භාර උසස් පොලිස් නිළධාරියෙකු සඳහන් කළේ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රියේදී ඔවුන් දෙදෙනා යළි සේවයේ පිහිටවූ බවයි.
එහිදී අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් පදිකයන් 4 දෙනාට ඔවුන්ගේ දෙකන් වලින් අල්ලා කිහිප වතාවක් නැගිට වාඩිවීමට නියෝග කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්වූ වීඩියෝ පටයක දර්ශන අනුවයි පොලිසිය මෙම වැඩ තහනම් කිරීම සිදුකර තිබුණි.