වැලිසර නාවික හමුදා කදවුරෙහි සෙබළෙකුගේ බිරියක බව කියන නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක හදුනාගෙන තිබෙන අතර ඇය පවත්වාගෙන ගිය බව කියන ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් ජලය ලබා ගත්
පිරිස් නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම ජල පාරිභොගිකයන්ට අද එම කාර්යාලය දන්වා තිබුණි.
මෙම සිද්ධිය නිසා ඊයේ පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
මෙම කාන්තාව ප්‍රදේශයේ විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව අනාවරණය වී තිබේ.
සැමියාගෙන් ඇයට වෛරසය ආසාදන වන්නට ඇතැයි සැක කලද එම නාවික සෙබලාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවක් මෙතෙක් තහවුරු වී නැත.
නිවාඩුවට පැමිණි මෙම සෙබලා සමග කාන්තාවද ප්‍රදේශයේ නිවාස ගණනාවකට සහ පොදු ස්ථාන රැසකට ගොස් තිබීම හේතුවෙන් මෙසේ ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා තිබේ.