කොරෝනා පාලනය සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග නිසි ඇගයීමක් නොකර ලිහිල් කළහොත් තත්ත්වය වඩාත් බරපතළ වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.


එසේ කළහොත් ශ්‍රී ලංකාවේ තත්ත්වය බරපතළ වී ඇමෙරිකාවේ, ඉතාලිය, එංගලන්තය, ස්පාඤ්ඤය වැනි රටවල තත්ත්වයට පත් වීමට බෙහෙවින් ඉඩ ඇති බවද වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා වාර්තා වී දින 50කින් රෝගීන් වර්ධනය උපරිම වාර්තා කරන බව ද ඒ අනුව මෙරට රෝගීන් වර්ධනය උපරිමය මැයි මාසයේ මුල් සතියෙන් බලාපොරොත්තු විය හැකි බවද ඔහු සඳහන් කළේය.

දැනට නිරෝධායන කඳවුරුවල සිටින පිරිස් සහ ඔවුන් ස්පර්ශ වූ අය පරික්ෂා කර අවසන් වෙනතුරු කොරෝනා වසංගතය රට පුරා පැතිර යාම වැළැක්වීමේ ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇතැයිද ඔහු තවදුරටත් සඳහන් කරයි.