[Trending][btop]
[News][stack]

නාවික හමුදා සාමාජිකයින්ට නිවාඩු අවලංගුයි කඳවුරෙන් පිට යාම තහනම්

සියලු නාවික හමුදා සාමාජිකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබේ.

කිසිදු සාමාජිකයෙකුට සිය කඳවුරු භූමියෙන් පිටතට යාමට නොහැකි බවද නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සඳහන් කරයි.
පවතින තත්ත්වය පහව යනතුරු මෙම ක්‍රියාමාර්ග ගත් බව ඔහු පවසයි
මේ අතර කොරෝනා ආසාදිත බවට තහවුරුව ඇති හමුදා සාමාජිකයන් ආශ්‍රය කළ පිරිස් සම්බන්ධව තොරතුරු මේ වනවිට ලබාගන්නා බවද ඔහු සඳහන් කළේය.