පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයෙන් හමුවූ  නාවික හමුදාවේ සේවය කර නිවාඩු ලබා පැමිණි කොරෝනා
ආසාදිතයා  ඇතුළු එම කඳවුරේම සේවය  කර පොලොන්නරුවට පැමිණ සිටින නාවික සෙබලුන් 09 දෙනා
සමග සෘජු සහ සෘජු නොවන ලෙස සම්බන්‍ධකම් පැවැත්වූ  බව පවසන දිස්ත්‍රික්කය පුරා සිටි පුද්ගලයින්


578ක්  නිරෝධානයට ලක්කර ඇති බව පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සරත්
ජයසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව  පවසා සිටියේ අද (24දා) පෙරවරුවේ දි පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය
සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයෙදි පැවැති මාධ්‍ය හමුවකදිය.

“පුලස්තිගම ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණ සිටි නාවික සෙබළා කොරෝනා රෝගියෙකු ලෙස හදුනා
ගැනීමත් සමග  ඔහු සෘජු ලෙස  සම්බන්ධකම්  පැවැත් වූ  පවුල්වල සමාජිකයන් 44 දෙනෙකුත් සෘජු
නොවන ලෙස සම්බන්ධකම් පැවැත් වූ  පුද්ගලයින් 20 දෙනෙකුත්  ඇතුළුව ඔහු පදිංචිව සිටි ගම්මානය ඇතුළු
ගම්මාන 12ක්  හුදකලා කර තිබෙනවා.  ඒ වාගේ ම මෙම නාවික සෙබලා වැලිසර සිට තම නිවස කරා
පැමිණි බව කියන  ලොරිරථය ඇතුළුව  ත්‍රිවිල්   රථ රියදුරන් සහ සහහායකයන්  10 දෙනෙකුත්
නිරෝධායනයට යොමු කරලා තියෙනවා.

ඒ වාගේ ම මෙම නාවික සෙබළා සේවය කල කදවුරේම සේවය කර නිවාඩු ලබා  පැමිණ සිටින නාවික
සෙබලුන් 09 දෙනෙකු දිස්ත්‍රික්කය පුරා සිටිනවා.   ඒ අයත් ඒ අයගේ පවුල්වල අයත් නිරෝධනයට අපි
යොමු කරලා තියෙන්නේ.  ඒ අනුව පවුල් 126කට අයත්  පුද්ගලයින් 494 දෙනෙකු නිරෝධානයට යොමු
කරලා තිබෙනවා. ඒ අතර  නාවික සෙබලුන් ඇතුළු තුන් දෙනෙකුගේ  P.C.R. පරික්ෂණ  සඳහා සාම්පල්
රසායනාගාර වෙත  යොමු කර තිබෙනවා. එම ප්‍රතිපල  අද හෝ හෙට දිනයේ  ලැබිමට නියමිතව තිබෙනවා.

මේ වන විට මෙම රෝගීයා  සහ නාවික හමුදා සෙබලුන් සමග සෘජු ලෙස සහ සෘජු නොවන ලෙස
සම්බන්ධකම් පැවැත් වු  සියලුම දෙනා  නිරෝධන කටයුතු සදහා  යොමු කර තිබෙනවා.  ඒ වාගේ මේ
වන විට  හුදකලා කර ඇති ගම්මාන පිළිබද ව සහ නිරෝධනය කර ඇති අය සම්බන්ධව  වර්තාවක් දිස්ත්‍රික්
ලේකම් වෙත භාර දිමට කටයුතු කරනවා.

එතුමා  විසින් බළධාරින් සමග සාකඡා  කර එම ගම්මාන තවත්  දුරටත් හුදකලා කර තබනවා ද නැද්ද
කියා තිරණය කරයි.  කෙසේ නමුත් මේ වන විට නාවික හමුදා කොරෝනා රෝගියා සහ නිවාඩු ලබා පැමිණ
සිටින නාවික සෙබලුන් සමග පොලොන්නරුව   දිස්ත්‍රික්කය පුරා  පුද්ගලයින් 578 දෙනෙකු නිරෝධානයට ලක්
කර ඇති බැවින්  දිස්ත්‍රික්කයේ ජනතාව කිසිදු බියක් ඇති කර නොගත යුතුයි. නමුත් තම තමන්ගේ ආරක්ෂාව
වෙනුවෙන් සෞඛ්‍ය  පිළිවෙත් අනුගමනය කළ යුතුයි