මාතර අකුරැස්ස ,මලිදුව  කොහු ගොඩ ග්‍රාම නිලධාරී වසමේ කොරෝනා ආසාදිතයකු  අද (05) හඳුනාගන්නා ලදි.
විදෙස් ගතවීමෙන් පසු නිරෝධායනයට යොමුවී සිටි
මෙම පුද්ගලයා ඉකුත් (24)  වන දින සිය නිවසට පැමිණ ඇති අතර මේ වන විට මෙම පුද්ගලයා ආගිය  තැන් සෞඛ්‍ය බලධාරීන්  සොයමින් සිටී.
(42) හැවිරිදි ආසාදිත
පුද්ගලයාගේ  බිරිඳ ඇතුළු දරුවන් තිදෙනා ද  සෙම් පටල පරීක්ෂාවක් සඳහා මාතර කඹුරුගමුව රෝහල වෙත යොමුකර තිබේ.
මෙම දරු තිදෙනා අතර වයස අවුරුදු එක හමාරක කුඩා දරුවකු සිටින බව ද වාර්තා විය.
 ප්‍රදේශයට ඇතුළුවන කොහුගොඩ පහළ මලිදුව මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා එම ප්‍රදේශය හුදෙකලා කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.
ඊට අමතරව එම පුද්ගලයා ඇසුරු කළ සහ ප්‍රදේශය අවට ආගිය නිවාස අටක පුද්ගලයන් ස්වයං නිරෝධානය සඳහා යොමු කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .