[Trending][btop]
[News][stack]

පොලොන්නරුව බේරා දෙන්නැයි මෛත්‍රීගෙන් ඉල්ලීමක්

පොලොන්නරුවෙන් කොරෝනා රෝගියකු හමුවීමත් සමග පොලොන්නරු ජනතාව මහත් භීතියට පත්ව ඇති
බවත්, තවත් ආසාදිතයන් සිටිනවාදැයි සොයා බලා වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ;
ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත.
මීය අමතරව සිය ට්විටර් ගිණුම කලකට පසු සක්‍රීය කරමින් ඔහු තවත් නිවේදනයක් පළ කර ඇති අතර
එහි දැක්වෙන්නේ
'#Covid19 වෛරසය පරාජය කිරීමට ජීවිතය පරදුවට තබා කැපවීමෙන් සේවය කරමින් සිටිය දී කොරෝනා වෛරසයට ගොදුරු වු වැලිසර නාවික හමුදා කඳවුරේ සියලු දෙනාට මා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි‍' යනුවෙනි.
හිටපු ජනපති වෛද්‍ය ජාසිංහට යොමු කළ ලිපිය පහතින්