වතින තත්ත්වය යටතේ ඊළග පාසල් වාරය ආරම්භ කිරීමේ දිනය නිශ්චිතව ප්‍රකාශ කිරීමට හැකියාවක් නැති බවත් මැයි මාසයේ මුල් සතියේ සෞඛ්‍ය බලධාරීන් සමග එළැඹෙන සාකච්ඡා වලින් පසු දැනට යොදාගෙන ඇති මැයි 11 දිනය සම්බන්ධ තීරණය ගන්නා බවත්
අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් දන්වා සිටියේය.

තමාට පුද්ගලිකව පෙනී යන ආකාරයට මැයි 11 දිනය ප්‍රායෝගිකව පාසල් විවෘත කිරීමට හැකි දිනයක් ලෙස නොපෙන්නවන බවද ඔහු කී අතර සාකච්ඡාව අනුව ගන්නා තීරණය අනුව එය වෙනස්විය හැකි බව කීය.

කෙසේ වෙතත් කවරදාක පාසල් යලි විවෘත කලද එය සිදු කරන්නේ පියවර කිහිපයක් යටතේ බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දන්වා සිටියේය. ඉහළ පන්ති වල අධ්‍යයන කටයුතු මුලින් අරඹා පසුව පහළ පන්තිවල කටයුතු අරඹන බව කීය.

එහිදී මුල් අදියර යටතේ පළමුවෙන් ගුරුවරුන් පාසලට කැඳවීමද දෙවනුව අනධ්‍යයන සේවක මණ්ඩල තෙවනුව උසස් පෙළ පන්තිවල සිසුන් පාසලට ගෙන්වීමද සිව්වැනි අදියර යටතේ කුඩා දරුවන් පාසලට කැඳවීමටද නියමිත බව දන්වා සිටියේය.