ඇඳිරි නීති තත්වය පවතින මේ දිනවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අතර පරිප්පු හා සැමන් අලෙවියේදී වෙළෙඳුන්ට ගැටලුකාරී තත්ව මතුව තිබේ. රට පුරා ඇඳිරි නීතිය පනවා වසංගත පාලනයට යොමුවීමට පෙර රජය විසින් මැතිවරණය ඉලක්ක කර පරිප්පු හා සැමන් මිල අඩු කළ අතර එම පාලන මිල තමන් පරිප්පු සැමන් මිලට ගත්
තොග මිලටත් වඩා අඩු යයි දක්වමින්

වෙළෙන්දන් අඩු මිලට අලෙවි කිරීමට නොකැමැති විය. මේ හේතුවෙන් පරිප්පු හා සැමන් සතොස වැනි රජයේ අලෙවි සල්වලින් පමණක් අලෙවි වනු දක්නට ලැබුණි. අනතුරුව එම තොගද ඇතැම් තැනක අවසන්ව ගිය අතර ඇඳිරි නීති කාලය තුළ අධික ආහාර අවශ්‍යතා හමුවේ පරිප්පු හා සැමන් නොමැතිවීම පාරිභෝගිකයින්ට ගැටලුකාරී තත්වයක් ඇති කළේය.
මේ අතරවාරයේ කීල්ස් සුපිරි වෙළෙද සල සිය අන්තර්ජාල අලෙවිසැලේ නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ තමන්ට රජයේ පාලන මිලට පරිප්පු හා සැමන් විකුණන්නට හැකියාවක් නැති බවයි. එබැවින් පාරිභෝගික සහනය සලකා තමන් ඒවා මිලට ගත් මිලටම ලාභයකින් තොරව අලෙවි කරන බවද දන්වා ඇත.