ළුතර කටුකරුන්ද ප‍්‍රදේශයේ ඊයේ (14) පස්වරුවේ හදිසියේ නාදුනන පුද්ගලයෙක් මියයාමෙන්
ප‍්‍රදේශයේ උණුසුමිකාරි තත්වයක් ඇතිව තිබේ. මියගොස් ඇති පුද්ගලයා ගාලුපාර ආසන්නයේ අතුරු මාර්ගයක අසනීප වී සිටියදි ප‍්‍රදේශවාසින් 1990 ගිලන් රථයට පැමිණෙන ලෙස දැනුම්දි
ඇතත් එය වේලාවට පැමිණ නොමැත. පසුව ඒ අසලින් ගමන්ගත් කළුතර පරිපාලන සෞඛ්‍ය පරික්‍ෂක ආර්.ජි.සිංහභාහු මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ට මේ බව දැනුම් දිමේදි ඔවුන් රෝගියා පරික්‍ෂා කර ඇති අතර ඊට සුඵ මොහොතකට පසුව එම තැනැත්තා මියගොස් තිබේ.

මියගොස් ඇති පුද්ගලයා උණ කින් පෙළී ඇති බැවින් ඔහුට කොරෝනා ආසාදනයක් තිබුනේද යන්න සැකයක් පැනනැගී ඇත. පරික්‍ෂා කිරිමට යොදාගත් ආරක්‍ෂිත ඇදුම් කට්ටලයද පුලුස්සා ඇත.
ඉන් පසුව ස්ථානයට පැමිණ කළුතර දකුණ පොලිස් නිළධාරින් විසින් ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකගේද සේවය ලබාගෙන මළසිරුර ආරක්‍ෂා සහිතව පොලිතින් වලින් ඔතා කළුතර නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකා නිළධාරින්ද සිද්ධිය වු ස්ථානයේ පරික්‍ෂණ සිදුකරන ලදි.

මියගොස් ඇති පුද්ගලයා කළුතර නාගොඩ රෝහල දෙසින් පැමිණ ඇති බවත් 1990 සුවසැරිය නිසි වේලාවට
පැමිණියේ නම් ඔහුගේ ජිවිතය බේරා ගැනිමට හැකිවන බවත් ප‍්‍රදේශවාසිහු පවසති.

කළුතර දකුණ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක සුනෙත් ශාන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන්
පරික්‍ෂණ පවත්වති.

-පොතුපිටිය සුමිත් රණවක