මුලතිව්,නයාරු,ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ ඊයේ(07) අලුයම
ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ වැලිඔය,ජනකපුර ප්‍රදේශයේ
ස්ථිර පදිංචිය දරන 47 හැවිරිදි පුද්ගලයෙකු එලෙස
ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.


මියගිය පුද්ගලයා මුලතිව්,නයාරු,ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ රැදී සිටිමින් විහාරස්ථායේ ස්වාමීන්
වහන්සේලාගේ ආවතේව කටයුතු සිදුකරමින් සිටි  පුද්ගලයෙකු වන බවට තොරතුරු අනාවරණය වන බවද පොලිසිය සඳහන් කළේය.

පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (08)
මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වවුනියාව - එන්.ප්‍රියදර්ශනි