ඉන්දියාවේ කොල්කටා නුවර සිරවී සිටි ශ්‍රී ලාංකීය සිසුන් 125 දෙනෙකු අද (30) පස්වරුවේ දිවයිනට පැමිණියා.


ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයක් යූ- එල් 1188 දරන ගුවන් යානයෙන් රැගෙන ආ මෙම සිසුන් පිරිස පස්වරු 5.20ට කටුනායක ගුවන්තොටුපළට ගොඩබස්වනු ලැබුවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම සිසුන් පිරිස ගුවන් යානය තුළත් දුරස්ථභාවය රැකෙන අයුරින් අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් යානයෙන් පිටතටත් එකිනෙකා පිටුපසින් , පේලියට , සීරුවට ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් විසින් බස්සවා ගැනීම සිදු කෙරුණු බවයි.

ඉන්පසුව මෙම සිසුන් සහ ඔවුන් රැගෙන ආ ගමන් මලු ද විශබීජ හරණය කිරීමට ලක් කර, ඊට පසුව ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ තිබේදැයි පරීක්ෂා කර බැලීම ද සිදුව තිබෙනවා.

පසුව මෙම සිසුන් ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් , ඔවුන්ගේ බස් රථ වලින් ,ඔවුන් විසින් පවත්වා ගෙන යනු ලබන නීරෝධායන මධ්‍යස්ථාන වෙත මෙම සිසුන් රැගෙන යනු ලැබුවා.