කොරෝනා වසංගතය ආරම්භ වූ වුහාන් ප්‍රදේශයේ මේ වන විට එකදු රෝගියෙක් වත් නොමැති බව එරට
මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර තිබුණි. COVID-19 වසංගතය ආරම්භ වූ චීනයේ වුහාන් හි ප්‍රතිකාර ලබමින් සිටි අවසන් 12 දෙනා ඉරිදා රෝහල් වලින් පිටත් කිරීමෙන් පසු තවදුරටත් රෝහල්ගත COVID-19 රෝගීන් නොමැති බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිසම පවසයි.

මෙම covid 19 රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූයේ හුබෙයි පළාතේ අගනුවර වන වුහාන් තුළිනි. මෙම නගරයේ මියගිය පුද්ගලයින් 3,869 දෙනා රටේ වාර්තා වූ මරණ වලින් 80% කට වඩා වැඩි බවද ඔවුන් පවසා තිබේ. නමුත් මේ වන විට හුබෙයිහි රෝහල්වල තවදුරටත් සැක සහිත රෝගීන් නොමැති අතර, ආසාදිත පුද්ගලයෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 1,728 දෙනෙකු වෛද්‍ය පරීක්ෂාවට ලක්ව ඇති බව පළාත් සෞඛ්‍ය කොමිසම සඳුදා වාර්තා කර ඇත. වූහාන් පළාතේ මෙසේ රෝගීන් නොමැති වූවත් චීනයේ වෙනත් තැන්වල රෝගීන් රෝහල් ගත කර ඇති අතර, ෂැංහයිහි 67 ක් සහ බීජිංහි තිදෙනෙක් ඒ අතර වෙති.

මේ අතර වසංගතය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ප්‍රතිචාරය පිළිබඳව අදහස් දක්වමින් තම රට ඉලක්ක කරගනිමින් ප්‍රචාරය වන අසත්‍ය පුවත් වලට එරෙහිව තමන් කටයුතු කරන බව චීනය පවසා තිබේ. එම විමර්ශනයට සහාය වීම සඳහා සමහර විට ලෝක සෞඛ්‍ය සංවිධානයට ද ආරාධනා කළ හැකි බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ජෙන් ෂුවාං සඳුදා දිනපතා පැවති සාකච්ඡාවකදී පැවසීය. කෙසේ වෙතත් තම රාජ්‍යයට එරෙහිව නිර්මාණය වී ඇති මෙම ව්‍යාජ පුවත් තමන් කිසිසේත් පිළිනොගන්නා බව ඔවුන් තරයේ ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් ලොව දරුණුතම වසංගතයක් වන මෙම නව කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයේ වූහාන් ප්‍රදේශය මේ ආකාරයෙන්  රෝගය පාලනය කර ගැනීමට සමත් වීම සතුටුදායක කරුණකි.