කොරෝනා වෛරස තත්වය හේතුවෙන් දින 21 ක් තිස්සේ ලොක් ඩවුන් කර තිබූ ඉන්දියාවේ රජයේ හා පුද්ගලික කාර්යාල ක්‍රියාත්මක වූයේ නැත. නමුත් එය අවසානයේ අගමැති මෝදි 2 වන අදියර ලෙස මැයි 03 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කරන බව දන්වා සිටි පසු  ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉන්දියානු රජයේ හා පෞද්ගලික කාර්යාලවල ක්‍රියාකාරිත්වය යළි හෙමිහිට ඇරඹිය හැකි බවට
කරුණු දක්වන ලදි.
ඒ සම්බන්ධයෙන් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා සිය මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කරන ලද අතර මෙම නීතිරීති අනුව ආරක්ෂක,සෞඛ්‍ය , ගිනි හා හදිසි සේවා, ආහාර සංස්ථා හා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තු පෙර පරිදිම වෙනසක් නැතිව කටයුතු කළ යුතු බව දැක්විණි.

මධ්‍යම රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වල සියලුම නිලධාරින් 100% ක් නියෝජ්‍ය ලේකම් සහ ඊට ඉහළින් පැමිණීම අනිවාර්ය කර තිබුණි. මෙයට පහළින් සිටින නිලධාරීන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයෙන් 33% කට වැඩි ප්‍රමාණයක් අවශ්‍යතාවයට අනුව කාර්යාලයට පැමිණිය යුතුය. ඊට සමගාමීව පුද්ගලික අංශයටත් කටයුතු කරන්නට උපදෙස් සපයා තිබුණි.

මෙලෙස වැඩ අරඹද්දී සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයින්ගේ තාප පරීක්ෂාව සිදු කිරීමට සහ සනීපාරක්ෂක හැසිරීම  අනිවාර්ය කර තිබේ. දිවා ආහාරය අතරතුර සමාජ දුරස්ථභාවය ද අනිවාර්ය කර ඇත.
වයස අවුරුදු 65 ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයෙක් හෝ වයස අවුරුදු 5 ට අඩු දරුවන් නිවසේ සිටී නම් එවැනි සේවකයින් පමණක් නිවසේ සිට සේවයේ යෙදවීමට පාලකයින් උනන්දු කර තිබේ.
 ආයතනයේ හෝ කාර්යාලයේ රැස්වීම් විශාල පරිමාණයෙන් නොපවත්වන ලෙසටද උනන්දු කර ඇත.

කෙසේ වෙතත් මෙම මාර්ගෝපදේශ අනුව පසුගිය 13 සඳුදා සිට මෙම නීති රීති අනුව කාර්යාල වලට පැමිණෙන්නැයි දන්වා සිටියද ඉතාම අඩු සේවයට වාර්තා කිරීම් ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තාවී තිබූ අතර මේ හේතුවෙන් ඇතැම් දෙපාර්තමේන්තු ඊයේ සහ අද නැවත වසා දමන බවට විශේෂ නිවේදන නිකුත් කර තිබේ. පුද්ගලික අංශයද කරුනු දක්වමින් පවසා ඇත්තේ තම සේවක පිරිසෙන් 1/3 පමණක් සේවයට ආ බවකි.
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් හමුවීමේ වේගය එන්න එන්නම වැඩිවන පසුබිමක් තුළ කාර්යාල කටයුතු යළි ඇරඹීම අසාර්ථකවී ඇති බවක් ඒ අනුව පෙනෙන්නට තිබේ.