තරගම ගෝතමීගම ප්‍රදේශයේ "හුඹස" යනුවෙන් හඳුන්වන ස්ථානයක නවාතැන් ගෙන සිටි බව කියන රුසියානු ජාතික කාන්තාවක් සොයාගත් කතරගම සෞඛ්‍යය නිලධාරීන් කණ්ඩායමක් එම කාන්තාව දින 14 ක් එම ස්ථානයේ රඳවා ස්වයං නිරෝධායනයට
ලක්කිරීමට පෙරේදා (06) කටයුතු කර තිබේ.

මෙම කාන්තාවට කොරෝනා වැළඳී නැති නමුත් මෙම කාන්තාව ලංකාවට පැමිණි පසුගිය පෙබරවාරි මාසයේ සිට විවිධ ප්‍රදේශයන්හි ඇවිද විවිධ පුද්ගලයින් ඇසුරු  කර ඇති බවට තොරතුරු ලැබි ඇති නිසා මෙම පියවර ගත් බව සෞඛ්‍ය නිලධාරීහු දැන්වූහ.

එම කාන්තාවගේ මාර්ගෝපදේශකයෙකු වශයෙන් කටයුතු කළ පුද්ගලයා සහ නිකේතන හිමි කරුටද නිරෝධායනය වන ලෙසට තරයේ අවවාද කර තිබේ.
කතරගම පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක සමන් දිසානායක මහතා මෙම පියවර ගෙන ඇත.

අද (07දා) දිනය වන විට නිවාඩු නිකේතනතුල සිටි විදේශීය ජාතිකයින්, නිකේතන කාර්ය මණ්ඩල හා පිට ප්‍රදේශයන්හි සිට පැමිණි බව කියන පුද්ගලයින් 132 දෙදෙනෙකු  එම ස්ථාන වෙත තබා ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත්, ඉන් 70 දෙනෙකු පමණ සංඛ්‍යාවක් නියමිත කාලය ගතකිරීමෙන් පසු මුදාහැර ඇති බවත් පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.

කතරගම පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක සමන් දිසානායක, මහජන පරීක්ෂක වරැන් වන කේ.ජී. දිලාන් බුද්ධික, සෙල්ලකතරගම මහජන සෞඛ්‍යය පරීක්ෂක තක්ෂිල මධුසාන් යන නිලධාරීන් අදාල නිකේතනය වටලා අවවාද උපදෙස් ලබාදෙන අයුරු මෙහි දැක්වේ.
(එම්.කේ. නන්දසේන )
pics courtesy- lankadeepa.lk