ඇඳිරිනීතිය පනවා තිබෙන අවස්තාවේ අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය ප්‍රවාහනය කරමින් තිබු ලොරි
රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරා
බරපතල ලෙස
තුවාල ලබා නාවලපිටිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

(04) දින උදැසන 8 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ
නාවලපිටිය මඩගල ප්‍රදේශයේදිය.

මඩකලපුවේ සිට නාවලපිටිය දක්වා අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථය
සහ නාවලපිටිය සිට ගම්පොල ප්‍රදේශයේ දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයකුයි මෙසේ අනතුරට පත් වි
ඇත්තේ .

ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා ගම්පොල ප්‍රදේශයේ  ඉන්ධන පිරවුම්හලක සේවය සදහා යමින් සිටියදි
මෙම අනතුර සිදුවි ඇත.

අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබු ලොරි
රථය දැක ත්‍රිරෝද රථයේ වේගය පාලනය කිරිමට උත්සහ කිරිමේදි ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය
හරහා පෙරලි ඇදි ගොස් ඉදිරියට ධාවනය වෙමින් තිබු ලොරි රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි
අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ